1918 පළමුව ලෝක සංග්‍රාමය අවසානයේ තාවකාලිකව මඩුවක භාෂා මිශ්‍ර පාසලක් ලෙස අරඹ කරන ලදී. ගම්පහ උසාවියක් සදහා තනු ගොඩ නැගිලි බලවතුන්න්ගේ ඉල්ලීමක් පරිදි යොදාගෙන රජයේ ඉංග්‍රීසි පාසැල හා සිංහල මිශ්‍ර පාසලක්ද මෙම භූමියේ ආරම්භ කෙරුණි. ඒ අනුව එකම බිමේ පාසල් දෙකක් දක්නට තිබුණි. එවකට ක්‍රියාත්මක වූ "ග්‍රාමීය අධ්‍යාපන සැලැස්ම යටතේ සිංහල මිශ්‍ර පාසැල 'වේයන්ගොඩ ග්‍රාමීය පටෂාලා' නමින් අධ්‍යාපන මධ්‍යස්ථානයක් විය. එම අවදියේ මෙම පාසලේ ගුරු මණ්ඩලය විය. එම අවදියේ මේම පාසලේ ගුරු මණ්ඩලය 20ක් පමණ විය. පාසලේ ප්ප්‍රදානිය වුයේ. D.D. වනිගසිංහ (1918-1922) මහතය. c.w.w. කන්නන්ගර වාර්තාව අනුව මද්‍ය පාසල් ආරම්භ කල අතර මුල්ම මදය විදුහල පහෙන් එකක් මෙම බිමේ පිහිටවනු ලබන.(නුගවෙල/වීරකැටිය/හුනුමල්ල වේයන්ගොඩ) එහෙත් ඉඩ පහසුකම් නොවූ නිසා මෙම මාධ්‍ය විද්‍යාලය වර්තමාන වේයන්ගොඩ බණ්ඩාරනායක මාධ්‍ය විද්‍යාලය භූමියට ගෙනයන ලදී. වර්තමාන මාධ්‍ය විධ්‍යාලය එම භූමියට ගෙනයනු ලැබුනේ එවකට කෘෂිකරම අමාත්‍යවරු දැරූ D.S.සේනානායක මහතාගේ ඉල්ලීම මතය. මෙහි තිබු මාධ්‍ය විද්‍යාලය වෙනත් සමතයකට ගෙනියන පසු වේයන්ගොඩ ප්‍රාථමික පාසල් හා වේයන්ගොඩ කනිෂ්ට විද්‍යාලය නමින් පාසල් දෙකක් වෙන්කරන ලදී. දැනට ප්‍රදාන ශාලාවට වම් පැත්තේ ඇති ගොඩනැගිලි වේයන්ගොඩ විද්‍යාලය ප්‍රථමික අංශය ලෙසත් දකුණු පැත්තේ ඇති ගොඩ නැගිලි වේයන්ගොඩ විද්‍යාලය ලෙසත් හදුන්වන ලදී. වේයන්ගොඩ කනිෂ්ට විද්‍යාලයේ අරම්භක විදුහල්පති වුයේ P. නානායක්කාර මහතාය (1953-1965)
1957 දී S.H.R.D. බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් අනුව එවකට අද්‍යන ඇමති වූ ය. දහනායක මහතා විසින් වේයන්ගොඩ කනිශ්ට් විද්‍යාලය "වේයන්ගොඩ මහා විද්‍යාලය" ලෙස නම් කරන ලදී ඒ වන විට වේයන්ගොඩ මහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය 18 දෙනෙකු හා ශිෂ්‍යන් සංඛ්‍යාව 621 විය. විදුහල්පති නානායක්කාර වේයන්ගොඩ මහා විද්‍යාලයේ විදුහල්පතිව සිටි 1965 විශ්‍රාම ගැනීමෙන් පසු එක්සත් කරුණාරත්න මහතා (1965-1968) විදුහල් පති විය. වේයන්ගොඩ මහා විද්‍යාලය ඉඩ පහසුකම් ලබාගැනීම සහාය මෙම භුමියේ තිබු වේයන්ගොඩ ප්‍රාථමික පාසල 1970 මුලදී වර්තමාන හිරිපිටිය ප්‍රථමික විද්‍යාලය, වේයන්ගොඩ ප්‍රාථමික විද්‍යාලයටත් මාරු කරන ලදී. ඉන්පසු මෙම භුමියේ සියලුම ගොඩ නැගිලි වේයන්ගොඩ මහා විද්‍යාලයට අයත්විය. 1968 ඩ B.N. රාජපක්ෂ මහතා ටික කලක් වැ.බ. විදුහල්පති වශයෙන් කටයුතු කර පුහුණුවක් සදහා ඉවත්ව ගියේය. W.A. ඇන්සන් මහතා (1968-1969) විදුහල්පති ලෙස පත්ව ආවේ. ඒ මහතා සමග මාරු ලබා ගිය පසු M.R. කුමාරසිංහ මහතා (1969-1970) වැඩ බලන විදුහල්පති ලෙස කටයුතු කරන ලදී. යලිත් 1970 මයි මස සිට B.N. රාජපක්ෂ මහතා (1970-1976) විදුහල්පති ලෙස පත්ව ආවේය. 1972 වනවිට මෙම විදුහලේ පැවතියේ උසස්පෙළ කලා අංශය පැමණි. 1972 දී උසස්පෙළ වාණිජ අංශය පළමුවරට අරම්බකරන ලදී. වාණිජ අංශයෙන් පළමු වරට උ.ස.පෙ.විභාගය 1974 දි පවතී අතර එම විභාගයෙන් ප්‍රටමවරට සමත්වී විශ්ව විද්‍යාල වරම් ලැබූ. එක් සිසුවෙක් විය. මේ වනවිට වේයන්ගොඩ මහා විද්‍යාලයට සිසුන් ඇතුලත් කරගනු ලැබුයේ තරග විබාගයක් පවත්වා ඉහලම ලකුණු ලබාගත් සිසුන්ය. B.N .රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසුව 1976 මුල්බගයේ සිට D.D.S. ජයසුන්දර මහතා විශ්‍රාම යාමෙන් පසු 1978 මුල් බාගයේදී වි.නෙ.සමරවීර මහතා (1978-1985) විදුහල් පතිවිය 1983 වර්ෂයේදී වේයන්ගොඩ ප්‍රථමික විද්‍යාලය හා හිරිපිටිය ප්‍රථමික විද්‍යාලය මෙම විදුහලට ඒකාබද්ද කරන ලදී. ඉන් පසු තරග විබාග නොපවත්වා එම පාසල් දෙකේ සිසුන් පමණක් ඇතුලත් කරගන්න ලදී. මේ කාලයේ විදුහල වට තාප්පයේ වැඩ කොටසක් නිම කරන ලදී. වීනේ සමරවීර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු සි. කරුණානායක මහතා විදුහල්පති ලෙස පත්විය (1985-2004) මේ කාලය තුළ විදුහල වටා තාප්පයේ වැඩ නිම කිරීම නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම මහා මාර්ග ජල පද්ධතිය සම්බන්ධ කර ගැනීම 1992 දී දුරකථන පහසුකම් ලබා ගැනීම නව දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සන්නිවේදන පද්ධතිය වැඩි දියුණු කිරීම ප්‍රධාන ශාලාවට ශබ්ද විකාශන ලබා දීම බබල්ස් ආයතනයේ අනුග්‍රහයෙන් බුද්ධ මැදුරක් ඉදිකිරීම සිදුකරන ලදී.
අන්තර්ජාල පහසුකම් සහිතව A ශ්‍රේණියේ පුස්තකාලයක්ද ඉදිකරන ලදී. විදුහල ඉදිරිපිට දැල් ගසා අලංකාර ගේට්ටු යෙදීම මේ කාලයේ සිදුවිය 2001/07/21 දින ඒවකට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මැතිතුමාගේ නියමයෙන් මෙම විදුහල වේයන්ගොඩ ජනාධිපති විදුහල ලෙස නම් කරන ලදීම. 2002 දී නවෝද්‍යා පාසලක් වීමවසර විස්සක් පමණ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණානායක මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ටී රණවීර මහතා (2004/2010) බිඳුහල්පති ලෙස පත්විය ශිෂ්‍යබට කණ්ඩයක් ආරම්භ කිරීම බාල දක්ෂ හා බාරදක්ෂිකා ව්‍යාපාරය පරිසරණ නියම කණ්ඩායම් පුහුණු කිරීම ද සිදුවිය ජනාධිපති බාල දක්ෂ සම්මාන ලදී. සම්මාන ලද දරුවන් පස් දෙනෙක් ද මෙම විදුහලෙන් බිහිවීම්. ඉන් එක් සිසුවෙක් දැනට මෙම විදුහලේ ක්‍රීඩා අංශයේ සේවය කරයි 2010 වර්ෂයේ ටී රණවීර මෙයා විශ්‍රාම ගිය පසු මැදගම්පිටියේ විමලධම්ම හිමි දහය(2010- 2012 වැඩ බලන විදුහල්පති ලෙස පත්විය. ඉන්පසු එච්.එම්.පී කුරගම්මන මහතා 2012 ඒ කාලයේදී තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ගේට්ටුව ඉදිරිපිට බුදු මැදුරක් ඉදිකිරීම නව මහින්දෝදය විද්‍යාගාරය ලබා ගැනීම සිදුවිය 2013 දී උසස් පෙළ විද්‍යා ගණිතය පන්ති ආරම්භ කරන ලදී. 2020 දී කුරගම්මන මහතා ස්ථාන මාරු ලබා ගිය පසු වර්තමාන විදුහල්පති D.S. රාජපක්ෂ මහතා විදුහල්පති ලෙස පත්ව ආවේය.





