තායිපේ සිටි බොක්ෂින් ශූරතාවලිය

දෙවන වාර විභාගය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT)විභාගය

01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg
01242435-33e3-4d6d-808b-3adac6fbb237.jpg

ශාන්ත ජෝන් ගිලන් රථ සේවය

: සේවය ගුරුවරුන්

  1. M.S.P දිසානායක මිය
  2. K. බද්දේගම මිය
  3. S.M ප්‍රනාන්දු මිය
  4. A.G.S.C පෙරේරා මෙවි
  5. A.U.M. කරුණානායක මෙවි

ශාන්ත ජෝන් ගිලන් රථ සේවය අප පාසල තුළ පිහිටුවීමේ සමාරම්භය

 

  1. 11. 17 වන දින අප පාසල වන වේයන්දගොඩ ජනාධිපති විද්‍යාලයට ශාන්ත ජෝන් ගිලන් රථ සේවයෙහි ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස්තුමන් වන R.C. බාලසූරිය මහතා පැමිණ අදියර දෙකක් යටතේ ප්‍රථමාධාර පිලිබඳව මූලික දැනුම කිරීම් සිදු කරන ලදී.
  • පළමු අදීයර ලෙස අප විදුහලේ ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩ සටහන - පෙ.ව. 8.45 සිට පෙ.ව. 10.45 දක්වා
  • දෙවන අදියර ලෙස 9, 10 සහ 12 ශ්‍රේණි වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරිමේ වැඩ සටහන - පෙ.ව. 11.00 සිට ප.ව. 1.30 දක්වා

 

2023.12.08 වන දින ශාන්ත ජෝන් ගිලන් රථ සේවයෙහි ආරම්භක වැඩමුළුව ශාන්ත ජෝන් ගිලන් රථ සේවයෙහි ගම්පහ දිස්ත්‍රික් කොමසාරිස්තුමන් වන R.C. බාලසූරිය මහතාගේ මූලිකත්වයෙන් සහ සාමාජිකාවන් 120 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා පාසල් පරිශ්‍රය තුළ පවත්වන ලදී.

එහිදී,

➢ තුවාලයක් සිදු වූ විට

➢ විෂ ශරීරයේ තැවරුණු විට

➢ යමක් උගුරේ සිරවූ විට

➢ පිලිස්සුණු විට

 

යන විවිධ අවස්ථාවන්හිදී ලබා දිය යුතු මූලික ප්‍රථමාධාර පිලිබඳව අවබෝධය ලබා දීම මෙන්ම

❖ කෘත්‍රිම ශ්වසනය ලබා දීම

❖ ආරක්ෂිත ඉරියව්ව (Recovery Position)

❖ අස්ථි භග්නයකදී දිය යුතු ප්‍රථමාධාර

❖ උරමා වර්ග

පිලිබඳව අවබෝධය ‍මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දීමද සිදුවිය.

2023.12.14 වන දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා අප සාමාජිකාවන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක විය.

 

2023.12.24 වන දින ශාන්ත ජෝන් ගිලන් රථ සංගමයෙහි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක විය.

  • පලමු ව්‍යාපෘතිය ලෙස පරිශ්‍රය පුරා පලතුරු පැල සිටුවීම සහ නඩත්තු කර‍ගෙන යාම ආරම්භ කිරීම.
  • දෙවන ව්‍යාපෘතිය ලෙස පාසල් ලිඳ සුද්ද පවිත්‍ර කොට නව ජල මෝටරයක් සවි කිරීම සිදුවිය.
  • මෙයට සමගාමීව එදිනම සාමාජික සාමාජිකාවන්ගේ නිල ඇඳුම සඳහා මිමි ලබා ගැනීමද සිදුවිය.

2023.12.21 වන දින අප විද්‍යාලය සහ වේයන්ජගොඩ විද්‍යාලෝක විද්‍යාලය අතර පැවති සුහද ක්‍රිකට් තරඟාවලිය සඳහා අප ශාන්ත ජෝන් ගිලන් රථ සංගමයෙහි දරුවන් සහභාගී කරවීම.

එහිදී ප්‍රථමාධාර කුටියක් ඉදිකර ක්‍රිකට් ක්‍රිඩයින්ට අවශය මූලික ප්‍රථමාධාර සැපයීම සිදුවිය.